Tuesday, February 7, 2017

වෛරස ( Bio unit 3 )

වෛරස

වෛරස ප්‍රාග් න්‍යෂ්ටික හෝ සූ න්‍යෂ්ටික හෝ නොවන අතර කිසිදු සෛලීය සංවිධානයක් නොපෙන්වයි.
ප්‍රමාණයෙන් 20nm – 300nm දක්වා විවිධ වන අතර වෛරස දැකගත හැකි වන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණී.
වෛරස න්‍යෂ්ටික අම්ල සහිත මධ්‍ය කුහරයකින්ද ඒ වටා වූ ප්‍රෝටීනමය ආවරණයක් වන කැප්සිඩයකින්ද සමන්විත වේ.
කැප්සිඩය කැප්සොමියර නම් වූ ප්‍රෝටීන අණු නිශ්චිත ප්‍රමාණයකින් සෑදී ඇත.
වෛරස වර්ගය අනුව DNA හෝ RNA වෙනස් වේ.
ශාක ආසාදනය කරන්නා වූ බොහෝමයක් වෛරස  RNA සහිත වේ. ඉතාම සීමිත සංඛ්‍යාවක DNA ඇත.
හර්පීස් සිම්ප්ලෙක්ස් වැනි සමහර සත්ත්ව වෛරස වල DNA ඇත. ජල භීතිකා වෛරසය , ඉන්ෆ්ලුවෙන්සා වෛරසය , රෙට්රො වෛරස RNA දරයි.
බැක්ටීරීයා ආසාදනය කරන්නා වූ බැක්ටීරියා භක්ෂක වෛරස DNA හෝ RNA දරයි.
වෛරස වල ප්‍රෝටීන කොපුව (කැප්සිඩය) ඔවුනට ලාක්ෂණික සමමිතියක් ලබා දෙයි. මෙය පදනම් කරගෙන වෛරස වලට රූපීය පදනම් 2ක් හදුනාගෙන ඇත.
       i.            Icosahedral
     ii.            Helical
සමහර වෛරස පොස්පොලිපිඩ ආවරණයකින් ආවරණය වී ඇත.
උදා: H.I.V.වැනි රෙට්‍රෝ වෛරස - මොවුන් තුළ Reverse transcriptase එන්සයිමය ඇත. එමගින් RNA DNA බවට පිටපත් කල හැක.
ධාරක සෛලය තුළට වෛරස ඇතුළු වීමෙන් පසුව ආවරණය ගැලවී ගොස් සෛලය තුළට නිදහස් වන එන්සයිම එකක් හෝ කිහිපයක් වෛරස කැප්සිඩය තුළ අඩංගු වේ. වඩාත් සුලබ වන්නේ පොලිමරේස් එන්සයිමයයි. මෙය වෛරස වල න්‍යෂ්ටික අම්ල බහුඅවයවීකරණය සදහා උදවු වේ.
විවිධ ලිපිඩ සංරචක ගණනාවක්ම වෛරස තුළ ඇත.
උදා:- පොස්පොලිපිඩ
        ග්ලයිකොලිපිඩ
        මේද අම්ල
සමහර වෛරස ආවරණ ග්ලයිකොප්‍රෝටීන කණ්ඨක වලින් සමන්විත වේ.

වෛරස වල ස්වභාවය

වෛරස අනිවාර්ය පරපෝෂිතයන් වේ.
ඔවුනට ජීවත් වීම සහ ප්‍රජනනය සිදු කල හැක්කේ පරිවෘත්තික ධාරක සෛලයේ ප්‍රෝටීන සංස්ලේෂණය සහ ශක්ති ජනක පද්ධති භාවිතයට ගැනීමෙන් පමණි.
ඔවුන් ස්වභාවයේ ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති අතර අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය කිරීමටද ඔවුනට හැකියාව ඇත.
අනිවාර්ය පරපෝෂිතයන්  වන බැවින් වගා කල හැක්කේ සජීවී සෛල තුළ පමණි.
උදා:- කුකුල් කලලය
සමහර වෛරස වලට සංකීර්ණ ව්‍යුහයක් ඇත.
උදා:- බැක්ටීරියා භක්ෂක වෛරසය
ශාක මතුපිට තුවාල හෝ ශාක යුෂ මත පෝෂණය වන කෘමීන් මාර්ගයෙන් ශාක සෛල තුළට වෛරස ඇතුළු වේ.
කෘමීන් මාර්ගයෙන් හෝ රුධිරය ඔස්සේ සත්ත්ව වෛරස දේහ ගත විය හැක.

මිනිසාට ඇතිවන වෛරස රෝග

ඒඩ්ස්                                       සරම්ප
ජලභීතිකාව                              පැපොල
කුරුළු උණ                               පෝලියෝ
චිකුන් ගුන්යා                            ඩෙංගු
කම්බුල් ගාය                             සීකා වෛරසය
කහ උණ (හෙපටයිටීස්)               උපදංශය  

ශාක වලට ඇතිවන වෛරස රෝග

කොළ කොඩ වීම

පත්‍ර විචිත්‍රය






ජීවීන් හදුනා ගැනීම, වර්ගීකරණය සහ නාමකරණය (Bio unit 3 )

ජීවීන් හදුනා ගැනීම, වර්ගීකරණය සහ නාමකරණය

වර්ගීකරණයේ හා නාමකරණයේ අවශ්‍යතාව

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම , මිනිසුන් ශාක හා සතුන් හදුනා ගැනීම හා නම් කිරීම පටන් ගැනීමට හේතු විය හැක්කේ ඔවුන්ගේ පැවැත්ම ශාක හා සතුන් මත රදා පැවැති බැවිනි.
විශේෂිත වූ ගති-ලක්ෂණ භාවිතයෙන් විශේෂ හදුනා ගෙන ඇත.
ශාක හා සතුන්ගේ ප්‍රධාන කාණ්ඩ ( තෘණ වර්ග , මත්ස්‍යයින් , සර්පයින් , පක්ෂීන් ) වෙන් කර හදුනා ගැනින.
කෙසේ වුවද ඔවුන් සදහා භාවිත කළ නාම , භාෂාව සහ ස්ථාන අනුව වෙනස් විය.
ජීවීන්ගේ ජීව විද්‍යාත්මක අධ්‍යයනය සදහා ඒකීය වර්ගීකරණ හා නාමකරණ පද්ධතියක් අවශ්‍ය ය.
ජිවීන් ක්‍රමවත් ව වර්ගීකරණය කළ පළ්මු තැනැත්තා ඇරිස්ටෝටල් ය.

ද්විපද නාමකරණය

විද්‍යාවේ හා ජීව විද්‍යාවේ දියුණුව හා දැනුම පුළුල් වීමත් සමග විවිධ විද්‍යාඥයින් , උද්භිද විද්‍යාඥයින් හා සත්ත්ව විද්‍යාඥයින් නාමකරණ හා වර්ගීකරණ සදහා වෙනස් වූ ක්‍රම භාවිතා කළහ. 18 වන ශත වර්ෂය දක්වා බොහෝදුරට බහුපද නාමකරණයක් භාවිත විය.
ලොව පුරා පිළිගත් ද්වීපද නාමකරණ පද්ධතිය කැරොලස් ලීනියස් ( 1707 - 1778 ) විසින් යෝජනා කරන ලද්දකි.
ජීවීයෙකුගේ නාමය කොටස් දෙකකින් යුක්ත වේ.
ප්‍රථම කොටස ගණ නාමය වන අතර දෙවන කොටස සුළු නාමය වේ.
ගණ නාමය බොහෝ විට නාමපදයක් වන අතර සුළු නාමය යම් ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයක් වේ.
·        නිදසුන්:- Homo sapiensHomo යනුවෙන්  හදුන්වන්නේ මිනිසා වන අතර                                                                             sapiens යනු  බුද්ධිමත් බවයි.
එකිනෙකට බන්ධුතා දක්වන ජීවීන්ට එකම ගණ නාමය සමග වෙනස් වූ සුළු නාම යෙදේ.
·        නිදසුන්:- Dipterocarpus zeylanicus හා  Dipterocarpus grandifloras –
§  Dipterocarpus zeylanicus - යනු පියාපත් දෙකක් සහිත ඵල හා ශ්‍රි    ලංකාවේ හමු වූ යන්නයි.
§  Dipterocarpus grandiflorasයනු පියාපත් දෙකක් සහිත ඵල හා විශාල පුෂ්ප සහිත වූ යන්නයි.


ද්වීපද නාමකරණය සම්බන්ධව ජාත්‍යන්තර සංකේත

ජීව විද්‍යාඥයින් නාමකරණය සදහා පිළිගත් නීතී හෝ නාමකරණ ව්‍යවස්ථා ඇත. මෙම ව්‍යවස්ථා ශාක , සතුන් , බැක්ටීරීයා සහ වෛරස් අනුව සුළු වශයෙන් වෙනස් වේ. බැක්ටීරීයා , ශාක , දිලීර හා සතුන් නාමකරණයේදී භාවිතා වන වැදගත් නිතී කිහිපයක් පහත දැක්වේ.
o   ජීවී විශේෂ  දෙකකට එක ම නාමය තිබිය නො හැකිය.
o   සෑම විශේෂයකටම ගණ නාමයක් හා සුළු නාමයක් ඇති අතර මෙම නාම දෙකම එකතුව විශේෂයේ නාමය හෝ විද්‍යාත්මක නාමය සාදයි.
o   නාමය ලතින් හුරුවක් අති වචන වන අතර එය රෝමන් අකුරු භාවිතයෙන් ලිවිය යුතුය.
o   අත් අකුරෙන් ලියන විට යටින් ඉරි ඇදිය යුතු අතර මුද්‍රණය කරන විට ඇල අකුරු (Italics) ලිවිය යුතුය.
o   ගණ නාමයේ මුල් අකුර ඉංග්‍රීසී කැපිටල් අකුරක් විය යුතු අතර සුළු නාමය ඉංග්‍රීසී සිම්පල් අකුරෙන් ලිවිය යුතුය.
o   විද්‍යාත්මක කාර්යවල දී නාමය හදුන්වා දුන් විද්‍යාඥයාගේ නම ඉංග්‍රීසී කැපිටල් අකුරකින් හෝ කෙටි කර දැක්වීමකින් හෝ සම්පූර්ණ නම ලෙසින් හෝ නාමය අගින් දක්වයි. එය ලතිනීකෘත වචනයක් නොවේ.
§  නිදසුන්:- Cocos nucifera L. , ( L යනු Linnaeus යන්නයි )
o   උප විශේෂ හෝ ප්‍රභේද හැදින්වීම සදහා තෙවැනි පදයක් යොදා ගත හැකිය.
§  නිදසුන්:- Panthera pardus kotiya ( ශ්‍රී ලංකා දිවියා )



ස්වාභාවික හා කෘත්‍රිම වර්ගීකරණ ක්‍රම

පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට සැකසීම වර්ගීකරණය නම් වේ. වර්ගීකරණය පිළිබද ව විද්‍යාත්මක හැදෑරීම වර්ගීකරණ විද්‍යාව නම් වේ. මෙහිදී ජීවීන් , ධූරවලි පිළිවෙලකට සැකසේ. මූලික වර්ගීකරණ ආකාර දෙකකි.

1.කෘත්‍රිම වර්ගීකරණය - මෙහිදී කාණ්ඩ කිරීම තෝරා ගත් සමාන ලක්ෂණ කීපයක් මත පදනම් වේ.
o   මෙම ලක්ෂණ තෝරා ගැනෙනුයේ පහසුව මත වන අතර තෝරා ගත් නිර්ණායක පදනම් කරගෙන ජීවීන් කාණ්ඩ කරනු ලැබේ.
o   මෙහි දී ස්වභාවික බන්ධුතා නො සැලකේ.
o   18 වන ශතවර්ෂයට ප්‍රථම භාවිත කර ඇති එකම වර්ගීකරණ පද්ධතිය වේ.
o   භාවිතා කිරීම පහසු අතර හා තවත් ජීවී කාණ්ඩ එකතු කර පුළුල් කිරීමට හැකිය.
§  නිදසුන්:- ධාන්‍ය වර්ග , විසිතුරු පැල , ඖෂධ , විස සහිත ශාක , ලෙස වර්ගීකරණය කල හැක.
පාද යුගලක් , පාද යුගල් දෙකක් , පාද හයක් , පාද අටක් ඇති ආදී වශයෙන් සතුන් වර්ගීකරණය කල හැක.
ලීනියස් රේණු සංඛ්‍යාව අනුව ශාක වර්ග කළේ ය.

2.ස්වභාවික වර්ගීකරණය - පරිණාමික බන්ධුතා ඉස්මතු වන ලෙස කාණ්ඩ කිරීමයි.
o   මෙහිදී වංශ ප්‍රවේණිය මත පදනම් වූ සත්‍ය ( ස්වභාවික ) බන්ධුතා විදහා දැක්වේ.6+
o   පරිණාමය පිළිබද අධ්‍යයනයෙන් පසුව සකස් වූ වර්ගීකරණ ආකාරය යි.
o   ලක්ෂණ ගණනාවක් මත පදනම් වේ.
o   භාවිත කරන ලක්ෂණ ජීවීන්ගේ රූප විද්‍යාත්මක , කායික විද්‍යාත්මක , සෛල විද්‍යාත්මක හෝ අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ විය හැකි යි.
o   ඉතා ම මෑතක දී DNA හා RNA භෂ්ම අනුපිළිවෙල (අණුක ) යොදා ගෙන ඇත.
§  නිදසුන්:- ශාක බ්‍රයොපීටා , ලයිකොපීටා , ටෙරෝපීටා , සීකඩොපීටා , කොනිෆෙරොපීටා සහ ඇන්තොපීටා ලෙස වර්ගීකරණය කර ඇත.

ආත්‍රොපෝඩාවන් කරස්ටේසියා , ඉන්සෙක්ටා , කයිලොපොඩා , ඩිප්ලොපොඩා සහ අරක්නිඩා ලෙස වර්ග කල හැක.